By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
ChessSLChessSL
  • Home
  • Chess News
    Chess NewsShow More
    A Historic Election Awaits in Samarkand: The 2026 FIDE Presidential Race
    August 2, 2026
    Southern Province Chooses Its Chess Warriors for the 50th National Great Sports Festival 2026
    August 2, 2026
    Central Province Crowns Its Schools Champions at the National Schools Team Selection 2026
    August 2, 2026
    The 4th Queenstar Open International Rating Chess Championship 2026 — History in the Making at Gampaha
    July 27, 2026
    4th Rahulians International Chess Festival 2026 — Matara Prepares to Host Sri Lanka’s Richest Chess Celebration
    July 27, 2026
  • Trainers
    • Trainers
    • Trainers’ registration
  • Tournaments
    • Chess Calendar
    • Tournament Registration
  • Gallery
  • ❤️ Team
    • Contact us
    • About us
Reading: ලාංකීය චෙස් ක්‍රීඩාවේ අද සහ හෙට
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
ChessSLChessSL
  • Home11
  • News
  • Trainers
  • Chess Calendar
  • Tournament Registration
  • Trainers’ registration
  • Gallery
  • About us
  • Contact us
Follow US
  • Advertise
© 2024 ChessSL Made with ❤️ SMIK Creations
Chess News

ලාංකීය චෙස් ක්‍රීඩාවේ අද සහ හෙට

chesssl
Last updated: October 26, 2025 4:51 pm
By chesssl 5 Min Read
Share
SHARE

මෙම ලිපිය ආරම්භයේම ඔබ හට තහවුරු කල යුත්තේ අප මොනයම් හෝ ආකාරයක දූශණය බැහැර කරන, චෙස් ක්‍රීඩාවේ ජීව ගුණය විශ්වාස කරන අදහසින් යුතුව සිටින ක්‍රියා කරන පිරිසක් බවයි.

ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩාව අද වන විට යම් අස්ථාවර තත්වයකට පත් වී ඇත යන්න අපගේ අදහසයි. මෙය ස්වභාවිකව සිදු වූවකට වඩා බාහිර ක්‍රියාකාරකම් හේතුවෙන් සිදූ වූ බවට අප තරයේ විශ්වාස කරන්නෙමු.

මෙයට හේතූ කාරණා වශයෙන් දැකීමට හැක්කේ පෞද්ගලික අරමුණ ඇති පුද්ගලයන් පිරිසක් ඉතාමත් ආත්මාර්ථකාමි අභිලාෂයන් ඉටු කර ගැනීම සදහා ඉතාමත් පහත් ආකාරයේ කටයුතු ක්‍රියාවේ නංවමින් සිටීමයි. 

අතීතයේ විවිධ අවස්ථා වලදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් සදහා දේශපාලන අතපෙවීම් මෙන්ම තම පෞද්ගලික දේශපාලන ව්‍යාපෘති සදහා ක්‍රීඩාවන් භාවිතා කිරීම් සිදුවූ අවස්ථා අප විසින් නිරික්ශණයට ලක් කරත්, චෙස් ක්‍රීඩාවට ‍යම් හෝ කරුණක් හේතුවෙන් එවැනි දේ සදහා සදහා ලක් වීමට සිදුවුයේ නැත. නමුත් වර්තමානය වන විට එම තත්වය වෙනස් වී ඇත. වර්ථමාන දේශපාලන බළ අධිකාරියට සම්බන්ධකම් පවතිනවා යැයි පවසන පුද්ගලයන් පිරිසක් ඒ ඒ සම්බන්ධතා භාවිතා කරමින් චෙස් ක්‍රිඩාව තුල තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සහ කරමින් පවතී. 

ඔවුන් විසින් තම සිතැගි ඉටු කර ගැනීම සදහා ඉතාමත් පහත් ආකාරයෙන් දේශපාලනයේ භාවිතා කරනු ලබන භාවිතයන්ද යොදා ගන්නා බව පෙනී යන අතර, ඒ අතර,

01. සමාජයේ සිටින ජනතාව ඉතා පහසුවෙන් නොමග යැවීමට භාවිතා කිරීමට හැකි ජනකාන්ත මාතෘකාවක් වන දූශණය, සූරා කෑම් යන මාතෘකා භාවිතා කිරීමෙන් දැනට චෙස් ක්‍රීඩාවට අදාලව ස්ථාපිත ආයතන වල සිටින පුද්ගලයන්ට පෞද්ගලිකව පහර දීමට කටයුතු කිරීම

02. ශ්‍රී ලංකාව තුල චෙස් ක්‍රිඩාව සම්බන්ධව ඍජුව කටයුතු කරන ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් තමාට පුද්ගලික අසාධාරණකම් සිදුවුවා යැයි සිතන පුද්ගලයන් භාවිතා කරමින් ඔවුන් හට අදාල ආයතන පිලිබදව තව තවත් ද්වේශය සහ ක්‍රෝධය වැඩි කොට ඔවුන්ව තමන්ගේ පහත් අභිමතාර්ථ ඉටු කර ගැනීමට ඉතාමත් පහත් ආකාරයෙන් කටයුතු කිරීම.

03. සමාජ මාධ්‍ය සහ රධාන මාධ්‍ය භාවිතා කරමින් බොරු සමාජගත කිරීමට උත්සහ කිරීම සහ වෛරය වැපිරීමට කිරීමට කටයුතු කිරීම. 

04. තමන්ට දේශපාලන බළ අධිකාරියේ ඇති සම්බන්ධතා භාවිතා කරමින් බලපෑම් සිදු කිරීම සහ තව දුරටත් උත්සහ කිරීම

මෙවෙනි ආකාරයේ දේශපාලන ක්‍රම භාවිතා කරමින් රාජ්‍යයේ ස්ථාපිත ආයතන වල කටයුතු ඉතාමත් පහත් ආකාරයට විවේචනය කරමින් ජනතාව අතර විශ්වාසය නැති කිරීම මෙම පුද්ගලයන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත. අප දන්නා පමණින් මෙම පිරිස මේ වනවිටත් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යංශයන්ටද බලපෑම් සිදු කරමින් පවතී. ඒ අතර තමන් හට දේශපාලන බල අධිකාරිය සමග ඇති ඍජු සම්බන්ධතා පිලිබදව මිනිසුන් අතර තමන් වෙත වීරත්වයක් ලබා ගැනීමට ඒ පිලිබදව ඉතා ආඩම්බරයෙන් කතා කරමින්ද පවතී.  ඔවුන් චෙස් ක්‍රීඩාව සදහා ක්‍රීඩා අමාත්‍යංශය භාවිතා කරමින් අන්තර් කමිටුවක් ලබා ගැනීමටද දැරූ උත්සහයක් පිලිබදවද අප දැනුවත්ව ඇත.

තවද යහපත් ප්‍රගතිශීලී සමාජයක් නිර්මාණය කිරීමේ ප්‍රධානතම සාධකයක් වන සංවාදය යන්න මෙම බලය පමණක් කේන්ද්‍ර කරගත් කණ්ඩායම කිසිදු වෙලාවක නොපිලිගන්නා අතර තම මතයට විරුද්ධ අදහසක්, මතයක්, යෝජනාවක් ආ විට තාර්කිකව ඒ පිලිබදව අදාල පුද්ගලයන් සමග සංවාදයකට එලබීමකට නොමැතිව එම පුද්ගලයන් අදාල සාකච්ඡා වලින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ සෑම විටම අනෙක් සියලු දෙනා ඔවුන්ගේ මතය පමණක් දැරිය යුතු බව යන මානසිකත්වයේ සිටීම නිසාය. මෙය සමාජයක් වශයෙන් ගත්තත් ඉතාමත් අනතුරුදායක තත්වයකි.

චෙස් ක්‍රීඩාවේ ගැටලු නොමැති බව අප පවසන්නේ නැති අතර යම් ගැටලුවක් හෝ අකටයුතු සිදු වේනම් ඒ පිලිබදව අදාලා ආයතන වලට රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීමට සියලු පුරවැසියන්ට හැකියාව ඇත. නමුන් මෙහිදී සිදුවන්නේ තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට මෙය තවත් මජර දේශපාලන ක්‍රීඩාවක් බවට පත් කර ගැනීමට උත්සහ කිරීමයි.

බලය යනු බලය වුවත් එහි යම් ස්වයං සීමාවක් තිබිය යුතු අතර ක්‍රීඩාව යන දේට පැමිණි කල එය ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන් වෙන් විය යුතුය. එය ක්‍රීඩාවේ මූලිකම පදනමක් වේ. 

මෙම පුද්ගල ක්‍රියාකාරකම් හේතුවෙන් පාසල් ලමුන්හට මෙම වසරේදී රට තුල මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද විශාල තරග සංඛ්‍යාවක් අහිමි වුනු අතර තවමත් ඒ සදහා පැහැදිලි උත්තරයක් නැත. ඒ ඔවුන්ට චෙස් ක්‍රීඩාවට වඩා තම පෞද්ගලික අභිලාශයන් ඉටු කර ගැනීම ප්‍රමුඛ වී ඇත. වර්තමානයේ සිදුවන සිදුවීම් අනගාතය තීරණය කරනු ලබන අතර අදාල බලධාරීන් චෙස් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ශා කර ගැනීමට කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

 “No one does evil knowingly.”

— Socrates

You Might Also Like

A Historic Election Awaits in Samarkand: The 2026 FIDE Presidential Race

Southern Province Chooses Its Chess Warriors for the 50th National Great Sports Festival 2026

Central Province Crowns Its Schools Champions at the National Schools Team Selection 2026

The 4th Queenstar Open International Rating Chess Championship 2026 — History in the Making at Gampaha

4th Rahulians International Chess Festival 2026 — Matara Prepares to Host Sri Lanka’s Richest Chess Celebration

Share This Article
Facebook Twitter Email Print
Previous Article Sri Lankan Players Compete at World Youth Championships 2025 in Albania
Next Article Fischer Chess Club Dominates the Sri Lanka National Team Chess Championship 2025 – Super League
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • A Historic Election Awaits in Samarkand: The 2026 FIDE Presidential Race
  • Southern Province Chooses Its Chess Warriors for the 50th National Great Sports Festival 2026
  • Central Province Crowns Its Schools Champions at the National Schools Team Selection 2026
  • The 4th Queenstar Open International Rating Chess Championship 2026 — History in the Making at Gampaha
  • 4th Rahulians International Chess Festival 2026 — Matara Prepares to Host Sri Lanka’s Richest Chess Celebration

Recent Comments

No comments to show.

Quick Link

  • Home
  • Trainers
  • Chess Calendar
  • Gallery
  • Blog
  • My Bookmarks

Send Us a Message

    ChessSLChessSL
    © 2024 ChessSL Made with ❤️ SMIK Creations
    Welcome Back!

    Sign in to your account

    Lost your password?