By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
ChessSLChessSL
  • Home
  • Chess News
    Chess NewsShow More
    A Historic Milestone for Sri Lankan Chess — WIM Devindya Oshini Gunawardhana Enters the FIDE World Top 100 Women Players
    March 9, 2026
    14th Mercantile/Government Services International Rating Chess Championship 2026 — Corporate Chess at Its Finest in Colombo
    March 7, 2026
    2nd Queens Chess Classic 2026 — Women’s Chess Takes Centre Stage at Torrington Square
    March 7, 2026
    Intellect Academy Cup 2026—Royal Chess Academy secured the 6th place
    March 3, 2026
    Sri Lanka National Major Division Chess Championships 2026 – Sabaragamuwa Province: Kuruwita Hosts a Competitive Provincial Showdown
    March 1, 2026
  • Trainers
    • Trainers
    • Trainers’ registration
  • Tournaments
    • Chess Calendar
    • Tournament Registration
  • Gallery
  • ❤️ Team
    • Contact us
    • About us
Reading: ගාලු  දිස්ත්‍රික්ක චෙස් තරගාවලිය 
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
ChessSLChessSL
  • Home11
  • News
  • Trainers
  • Chess Calendar
  • Tournament Registration
  • Trainers’ registration
  • Gallery
  • About us
  • Contact us
Follow US
  • Advertise
© 2024 ChessSL Made with ❤️ SMIK Creations
Chess News

ගාලු  දිස්ත්‍රික්ක චෙස් තරගාවලිය 

chesssl
Last updated: November 2, 2025 3:16 pm
By chesssl 3 Min Read
Share
SHARE

මෙම ලිපියෙහි අරමුණ වනුයේ මේ දින වල ලාංකීය චෙස් සමාජය තුල යම් දුරකට මාතෘකාවක් වී ඇති ගාලු දිස්ත්‍රික්ක චෙස් තරගාවලිය යනු කුමක්ද යන්න පිලිබදව සොයා බැලීමයි.

ගාලු දිස්ත්‍රික්ක චෙස් තරගාවලිය යනු ගාලු දිස්ත්‍රික්ක චෙස් සංගමය 2023 වසරේදී ආරම්භ වීමත් සමගම එහි ප්‍රථම සභාපති වශයෙන් පත්වූ අකිල මිරාජ් මහතා ප්‍රමුඛ විධායක කමිටුවේ ගත් මූලිකම තීරණයකින් පසුව ආරම්භ වූ තරගාවලියක් විය. එම තරගාවලියේ ප්‍රධාන අරමුණ වූයේ ගාලු දිස්ත්‍රික්කය පුරා සිටින යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගුණාත්මක තරගාවලියක අත්දැකීම ලබා දීමත් එමගින් දිස්ත්‍රික්කයට මෙන්ම රටටද දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීමත් විය.

විවිධ වයස් කාණ්ඩ අතරේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර මෙම තරගාවලිය ආරම්භක අවස්ථාවේ සිටම එය ස්ථර තුනකට සැලසුම් කොට පැවත් වීමට කටයුතු කරන ලදී. ඒ පලමු ස්ථරය ලෙස ගාලු දිස්ත්‍රික්කයම ආවරණය වන ලෙස කලාප 04ක (ගාල්ල, අම්බලන්ගොඩ,ඇල්පිටිය, උඩුගම) තරගාවලි පැවැත් වීමයි. දෙවන ස්ථරය ලෙස එම කලාප තරගාවලි වලින් සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊලග දෙවන ස්ථරයේ තරගාවලියේදී ක්‍රීඩා කරනු ලැබේ. අවසන් ස්ථරය වශයෙන් දෙවන් ස්ථරයේ සෑම වයස් කාණ්ඩයකම මුල් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් යම් කිසි ප්‍රමාණයක් round-robin තරගාවලියක ක්‍රීඩා කිරීම තුලින් ගාලු දිස්ත්‍රික්ක චෙස් තරගාවලියේ අවසන් ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබේ. 

මෙහි ඉතාමත් විශේෂතම කරුණ වන්නේ මෙහි අවසන් තරගාවලිය වන round-robin තරගාවලිය සදහා කිසිදු තරග ගාස්තුවක් අය නොකරනු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා දහවල් ආහාරය සහ වෙනත් ආහාර ලබා දෙනු අතර තරගාවලිය ඉතාමත් හොද තරග ස්ථානයක පැවැත් වීමයි.

මෙම වසරේදී, තරගාවලියේ ගුණාත්මක බාවය වැඩි කිරීමේ තවත් ඉදිරි පියවරක් වශයෙන් මෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හට FIDE rated තරගාවලියකද අත්දැකීම ලබා දීම සදහා වර්තමාන ගාලු දිස්ත්‍රික්ක චෙස් සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන ගිහාන් කාංචන ද සිල්වා ඇතුලු විධායක කමිටුවේ තීරණයට අනුව දෙවන ස්ථරයේ  තරගාවලියේ තෝරා ගත් වයස් කාණ්ඩ FIDE rated ලෙස පැවැත් වීමය සැලසුම් කර ඇත.

දිස්ත්‍රික්ක සංගමයක් වශයෙන් ගාලු දිස්ත්‍රික්ක චෙස් සංගමය පැසසුමට ලක් කිරීමට තවත් ප්‍රධානතම හේතුවක් වනුයේ පළමු අවස්ථාවේ සිටම මූල්‍යමය ප්‍රතිලාභ පසෙකලා මෙම තරගාවලිය පැවැත් වීමට කටයුතු කිරීමයි. ඒ සම්පූර්ණ තරගාවලියේම අවසාන තරගාවලිය වන round-robin තරගාවලිය මුලුමනින්ම නොමිලේ පැවැත් වීම තුලින් තමන්ට සංගමයක් වශයෙන් වෙන  මූල්‍යමය පාඩුවට වඩා දිස්ත්‍රික්කය තුල චෙස් ප්‍රජාව සදහා යම් ප්‍රගතිශීලී දෙයක් කිරීමේ අදහසින් යුතුව කටයුතු කිරීම තුලිනි. ලැබී ඇති තොරතුරු අනුව ප්‍රථම ගාලු දිස්ත්‍රික්ක චෙස් තරගාවලියේ අවසන් තරගාවලිය සදහා දෙලක්ශ පනස්දහසකට ආසන්න මුදලක් ඔවුන් දරා ඇත. 

වෙනස්ම ආකාරයේ තරගාවලියක් තුලින් දිස්ත්‍රික්කයේ චෙස් ක්‍රීඩාවේ දියුණුව සහ කලාපයේ තරුණ දක්ෂතා සංවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරන ගාලු දිස්ත්‍රික්ක චෙස් සංගමය, ශ්‍රී ලාංකිය චෙස් ප්‍රජාව විසින් පැසසිය යුතු නොවේද? අපගේ විශ්වාසය අනුව මෙය වර්තමානයේ චෙස් ක්‍රීඩාව සමග කටයුතු කරන සියලුම ආයතන සහ සංගම් සදහා වැදගත් වනු ඇත. 

මේ තරගාවලිය සදහා ආරම්භක පියවර තැබූ අකිල මිරාජ් මෙන්ම මේ වන විට එයට නායකත්වය ලබා දෙමින් කටයුතු කරන ගිහාන් කාංචන ද මේ අවස්ථාවේ ගෞරවයෙන් යුතුව සදහන් කල යුතු වේ. 

ඔබටත් පලමු ගාලු  දිස්ත්‍රික්ක චෙස් තරගාවලිය පිලිබදව අත්දැකීම් ඇත් නම් අපත් සමග බෙදා ගන්න

You Might Also Like

A Historic Milestone for Sri Lankan Chess — WIM Devindya Oshini Gunawardhana Enters the FIDE World Top 100 Women Players

14th Mercantile/Government Services International Rating Chess Championship 2026 — Corporate Chess at Its Finest in Colombo

2nd Queens Chess Classic 2026 — Women’s Chess Takes Centre Stage at Torrington Square

Intellect Academy Cup 2026—Royal Chess Academy secured the 6th place

Sri Lanka National Major Division Chess Championships 2026 – Sabaragamuwa Province: Kuruwita Hosts a Competitive Provincial Showdown

Share This Article
Facebook Twitter Email Print
Previous Article Sri Lanka Women’s National Blitz Chess Championship – 2025
Next Article WIM Oshini Gunawardhana Makes Sri Lanka Proud at French Chess Tournament
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • A Historic Milestone for Sri Lankan Chess — WIM Devindya Oshini Gunawardhana Enters the FIDE World Top 100 Women Players
  • 14th Mercantile/Government Services International Rating Chess Championship 2026 — Corporate Chess at Its Finest in Colombo
  • 2nd Queens Chess Classic 2026 — Women’s Chess Takes Centre Stage at Torrington Square
  • Intellect Academy Cup 2026—Royal Chess Academy secured the 6th place
  • Sri Lanka National Major Division Chess Championships 2026 – Sabaragamuwa Province: Kuruwita Hosts a Competitive Provincial Showdown

Recent Comments

No comments to show.

Quick Link

  • Home
  • Trainers
  • Chess Calendar
  • Gallery
  • Blog
  • My Bookmarks

Send Us a Message

    ChessSLChessSL
    © 2024 ChessSL Made with ❤️ SMIK Creations
    Welcome Back!

    Sign in to your account

    Lost your password?