By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
ChessSLChessSL
  • Home
  • Chess News
    Chess NewsShow More
    Why adapting to Digital technology useful for Sri Lanka Chess
    June 4, 2026
    Beyond the Board — Honouring the Legacy of Mr. Luxman Wijesuriya
    June 4, 2026
    A new chapter for Sri Lankan chess
    June 1, 2026
    Champions of the Commonwealth
    May 30, 2026
    Sri Lanka Electrifies the Commonwealth Blitz Chess Championship 2026!
    May 24, 2026
  • Trainers
    • Trainers
    • Trainers’ registration
  • Tournaments
    • Chess Calendar
    • Tournament Registration
  • Gallery
  • ❤️ Team
    • Contact us
    • About us
Reading: අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීම
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
ChessSLChessSL
  • Home11
  • News
  • Trainers
  • Chess Calendar
  • Tournament Registration
  • Trainers’ registration
  • Gallery
  • About us
  • Contact us
Follow US
  • Advertise
© 2024 ChessSL Made with ❤️ SMIK Creations
Chess News

අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීම

chesssl
Last updated: April 5, 2025 10:46 pm
By chesssl 4 Min Read
Share
SHARE

2025 මාර්තු මාසයේ ප්‍රකාශිත චෙස් විනිසුරුවරුවන් සදහා වූ මාර්ගෝපදේශය (Arbiters’ Manual) අනුව නවක චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් ලබා ගැනීම සදහා පහත අවශ්‍යතා සැපරිය යුතුය. අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් ලබා ගැනීම සදහා අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් සදහා ලියාපදිංචි චෙස් තරගාවලි ක්‍රීඩා කිරීම මූලික වේ. එසේ ක්‍රීඩා කරනු ලබන නවතම ක්‍රීඩකයෙක් සදහා,

1. අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් ගණනය කිරීම සදහා ඒ වන විටත් අන්තර්ජාතික චෙස් ශ්‍රේණීගත කිරීම් ඇති ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරනු ලබන තරග පමණක් සලකා බලනු ලැබේ.

2. ක්‍රීඩකයෙකු අවම වශයෙන් ශ්‍රේණිගත කිරීම් ගණනය කරන කාල සීමාව තුලදී (සෑම මාසයකදීම ලෝක චෙස් සම්මේලනය මගින් ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබයි) අවම වශයෙන් අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 05 කු සමග ක්‍රීඩා කොට තිබිය යුතුය. මෙය එකම තරගාවලියකදී සිදු වීම අවශ්‍ය නොවේ. නමුත් මෙය අනුගාමී මාස 26 ඇතුලදී සම්පූර්ණ කල යුතු වේ.

3. යම් ක්‍රීඩකයෙකුගේ අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් ගණනය කිරීම ඇරඹීම සදහා ඔහු ක්‍රීඩා කරන පලමු තරගාවලියේ දී ක්‍රීඩා කරනු ලබන අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් ඇති ක්‍රීඩකයන් සමග එක් අයෙකු සමග හෝ තරගය, ජය පරාජයෙන් තොරව අවසන් කල ගත යුතුය. ( උදා: A නැමැති අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් අගයක් නොමැති මෙයට පෙර කිසිදු අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් තරගාවලියක් සදහා සහභාගී නොවූ ක්‍රීඩකයෙකු තමන්ගේ පලමු අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් සදහා සලකනු ලබන තරගාවලියේදී අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 03කු සමග ක්‍රීඩා කල අතර ඒ අතරින් එක් තරගයක් පමණක් ජය පරාජයෙන් අවසන් කර ගැනීමට සමත් වීම) ක්‍රීඩකයෙකු තම පලමු තරගාවලියේදී අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් ඇති ක්‍රීඩකයන් සමග අවම වශයෙන් ලකුණු 1/2 හෝ ලබා ගැනීමට නොහැකි වුවහොත් එම තරගාවලිය ගණනය කිරීම් සදහා සලකා බලනු නොමැත.

4. යම් ක්‍රීඩකයෙක් අංක දෙක අවශ්‍යතාවය සහ අවම තරග අවශ්‍යතාවය වන තරග 05 ක් සම්පූර්ණ කල පසු එම ක්‍රීඩකයායේ අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් අගය ගණනය කරනු ඇත.

5. නවතම ක්‍රීඩකයෙකුගේ අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් ගණනය කිරීම පහත සමීකරණය අනුව සිදු කරනු ලබයි.

Ru = Ra + dp ;
Ru – නව අන්තර්ජාතික චෙස් ශ්‍රේණි ගත කිරීම් අගය
Ra – එම ක්‍රීඩකයා අන්තර්ජාතික චෙස් ශ්‍රේණි ගත කිරීම් ගණනය කරනු ලබන කාල සීමාව තුල ක්‍රීඩා කල ඇති අන්තර්ජාතික චෙස් ශ්‍රේණි ගත කිරීම් ඇති ක්‍රීඩකයන් ගේ සහ මනකල්පිත අන්තර්ජාතික චෙස් ශ්‍රේණි ගත කිරීම් අගය 1800 ක් වූ ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුලුව මධ්‍යක අගය (Average value)
dp – අදාල ප්‍රතිවාදි ක්‍රීඩකයන් සමග ලබා ගත් මුලු ලකුණු සහ මුලු තරග වල අනුපාතය. මෙහීදී මනකල්පිත ක්‍රීඩකයන් දෙදෙනා සමග තරග දෙක ජය පරාජයෙන් තොරව අවසන් වූ බවට සලකනු ලබයි. මෙම ලැබෙන dp අගයට අදාලා අගය චෙස් විනිසුරුවරුවන් සදහා වූ මාර්ගෝපදේශයෙහි ඇති 8.1.1 වගුව තුලින් ලබාගෙන Ru අගය ගණනය කරනු ලබයි.

අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් වල ආරම්භක අගය 1400 වේ. ඉහත ගණනය කිරීම් වලින් ලැබෙන අගය (Ru) 1400 හෝ ඊට වැඩි අගයක් වුවහොත් පමණක් අදාල ක්‍රීඩකයා අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් ඇති ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන අතර එසේ නොවුවහොත් නැවත මුල සිට මෙම ක්‍රියාවලියට යොමු වීමට සිදුවේ. නවතම ක්‍රීඩකයෙකු වෙත ලැබිය හැකි උපරිම අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් අගය 2200 ක් පමණි.

චෙස් විනිසුරුවරුවන් සදහා වූ මාර්ගෝපදේශයෙහි ඇති 8.1.1 වගුව

You Might Also Like

Why adapting to Digital technology useful for Sri Lanka Chess

Beyond the Board — Honouring the Legacy of Mr. Luxman Wijesuriya

A new chapter for Sri Lankan chess

Champions of the Commonwealth

Sri Lanka Electrifies the Commonwealth Blitz Chess Championship 2026!

Share This Article
Facebook Twitter Email Print
Previous Article Sri Lanka Junior National Chess Championships 2025
Next Article The Inaugural International Rated Women’s Chess Championship 2025
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • Why adapting to Digital technology useful for Sri Lanka Chess
  • Beyond the Board — Honouring the Legacy of Mr. Luxman Wijesuriya
  • A new chapter for Sri Lankan chess
  • Champions of the Commonwealth
  • Sri Lanka Electrifies the Commonwealth Blitz Chess Championship 2026!

Recent Comments

No comments to show.

Quick Link

  • Home
  • Trainers
  • Chess Calendar
  • Gallery
  • Blog
  • My Bookmarks

Send Us a Message

    ChessSLChessSL
    © 2024 ChessSL Made with ❤️ SMIK Creations
    Welcome Back!

    Sign in to your account

    Lost your password?