By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
ChessSLChessSL
  • Home
  • Chess News
    Chess NewsShow More
    A Historic Election Awaits in Samarkand: The 2026 FIDE Presidential Race
    August 2, 2026
    Southern Province Chooses Its Chess Warriors for the 50th National Great Sports Festival 2026
    August 2, 2026
    Central Province Crowns Its Schools Champions at the National Schools Team Selection 2026
    August 2, 2026
    The 4th Queenstar Open International Rating Chess Championship 2026 — History in the Making at Gampaha
    July 27, 2026
    4th Rahulians International Chess Festival 2026 — Matara Prepares to Host Sri Lanka’s Richest Chess Celebration
    July 27, 2026
  • Trainers
    • Trainers
    • Trainers’ registration
  • Tournaments
    • Chess Calendar
    • Tournament Registration
  • Gallery
  • ❤️ Team
    • Contact us
    • About us
Reading: චෙස් ක්‍රීඩාවේ යහපත් පාලනයක වැදගත්කම?
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
ChessSLChessSL
  • Home11
  • News
  • Trainers
  • Chess Calendar
  • Tournament Registration
  • Trainers’ registration
  • Gallery
  • About us
  • Contact us
Follow US
  • Advertise
© 2024 ChessSL Made with ❤️ SMIK Creations
Chess News

චෙස් ක්‍රීඩාවේ යහපත් පාලනයක වැදගත්කම?

chesssl
Last updated: January 17, 2026 4:30 pm
By chesssl 6 Min Read
Share
SHARE

ChessSL මගින් 2026 වර්ෂයේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත  ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ වාර්ෂික මහසභා රැස්වීම සමගාමීව ඉදිරිපත් කිරීමට නියමිත ලිපි මාලාවේ පලමු දිගහැරුම. මේ ලාංකීය චෙස් ප්‍රජාවගේ අදහස් සහ යෝජනා වන්ගෙන් සමන්විත සමාජ කතිකාවතක් වේ. 

ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩාව වටා තිබෙන උනන්දුව ඉතා වැඩි බව ඔබ සියලු දෙනා දන්නා කරුණකි. චෙස් ක්‍රිඩාවේ පද්ධතිය යනු මේ හා සම්බන්ධ විවිධ කණ්ඩායම් වල ක්‍රියාකාරකම් සහ දායකත්වයන්ගේ එකතුවකි. දරුවන්ගේ කාලය, දෙමාපියන්ගේ කාලය සහ මුදල්, පුහුණුකරුවන්ගේ පුහුණු කිරීම්, චෙස් විනිසුරුවරුවන්ගේ වගකීම්, සංවිධායකයන්ගේ ක්‍රියාකාරකම් මේ දේවල් වලින් කිහිපයකි. ඒත් ඒ උනන්දුව සහ කැපවීම කොපමණ ඉහල තත්වයක තිබුණත්, පද්ධතියක් ලෙස ඉදිරියට යෑමට නම්, තවත් දෙයක් අත්‍යවශ්‍යයි: ඒ යහපත් පාලනය.

 

“පාලනය” කියන වචනය සමහර තැන්වලදී හරියටම පැහැදිලි කිරීමට අපහසුයි. නමුත් චෙස් ක්‍රීඩාදට අදාළ කාරණයේදී එය ඉතාම ප්‍රායෝගික දෙයක්. තරඟ පැවැත්වෙන දින දර්ශනය කවදාද, තරඟ අනුමැතිය කෙසේද, තේරීම් ක්‍රමය මොකද්ද, ඒ ඒ තීරණ පළ කරන්නේ කොහොමද, මූල්‍යමය  වාර්තා කරන්නේ කවදාද කෙසේද, යම් ගැටලුකාරී තත්වයක් ඇති වුවහොත් එය විසදන ආකාරය යන මේ වගේ දේවල් තීරණය කරන නීති, ක්‍රියාවලි සහ වගකීම් පද්ධති සමුදායක් අපට පාලනය කියන දේට ගොණු කිරීමේ හැකියාවක් ඇත.

 

ඒ පද්ධතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වේ නම්, චෙස් ප්‍රජාවට “චෙස්” ක්‍රීඩාවේ නිරිත වෙමින් තමන්ගේ කාර්යයන් සිදු කරගෙන යාමට හැකියාව ඇත. ඒත් එම පද්ධතිය අස්ථාවර නම්, කාලයත් සමග එය සමාජයට නිරාවරණය වේ. දින දර්ශන ප්‍රමාද නම් හෝ හදිසියේ වෙනස් වෙනවා නම්, දෙමාපියන්ගේ යොදා ගෙන ඇති සැලසුම් වෙනස් කිරීමට සිදුවේ. තේරීම් ක්‍රියාවලිය පිලිබදව ලිඛිත, කලින් පළකරපු ක්‍රියා පිලිවෙතක් නොමැති නම්, එවැනි තීරණ පිලිබදව චෙස් සමාජය තුල අවිශ්වාසය මතුවෙයි. මුල්‍ය වාර්තා, වියදම්, සහ වගකීම් පැහැදිලි නැත්තම් යහපත් ක්‍රියාවක් සිදු කල තිබුණත් අවසානයේ එය “සැකයක්” බවට පත්වීමට වැඩි හැකියාවක් ඇත. මෙයට වඩා අයහපත්ම කාරණය වනුයේ: පද්ධතියේ ඇති අස්ථාවර බව නිසා චෙස් ක්‍රීඩාවේ අනාගතය (pathway) පැහැදිලි නොවීම. දරුවෙක්ට “මම කොහොමද ඉදිරියට යන්නේ?” කියන ප්‍රශ්නයට හරි උත්තරයක් නොතිබුණොත්, ඔහුගේ උනන්දුව අඩුවෙන්න බොහෝ ඉඩ ඇත.

 

යහපත් පාලනයේ මූලිකම දේ විශ්වාසය. ක්‍රීඩකයෙක්ට සහ දෙමාපියෙක්ට “අවස්ථා සාධාරණව ලැබේවි” කියන විශ්වාසය. දිස්ත්‍රික්කවලට “අපිටත් එකම ප්‍රමිතිය” කියන විශ්වාසය. පුහුණුකරුවන්ට සහ විනිසුරුවරුවන්ට “මිනිසුන් මත නොව ප්‍රමිතීන් මත” පද්ධතියක් කියන විශ්වාසය. අනුග්‍රාහකයන්ට “විශ්වාස කළ හැකි ආයතනයක්” කියන විශ්වාසය. මේ විශ්වාසය ඇති කිරීමට ඉතාමත් බැරෑරුම්  දේශන දේශණ වලට වඩා අවශ්‍ය වෙන්නේ පැහැදිලි, ලිඛිත, ප්‍රකාශිත ක්‍රියාවලියක්.

 

සාමාන්‍යයෙන් හොඳ පාලනයක් තියෙන තැනක් යනු:

 

නීති සහ ක්‍රියාවලි ලිඛිතව පවතින, ඒදේ කාටත් බලන්න පුළුවන්. තීරණ “දැනුම් දෙනවා” විතරක් නෙවෙයි, කලින් දැනුම් දුන් නිර්ණායක මත පදනම් කරලා පැහැදිලි කිරීම. මුල්‍ය කළමනාකරණය වගකීම් සහගත වීම, අදාල වාර්තා කාලෝචිත වීම, තේරුම්ගත හැකි ලෙස ඉදිරිපත් කිරීම. තරඟ ප්‍රමිතීන් සහ සැලසුම් ස්ථාවර වීම. ගැටලුවක් ඇති වුවහොත් එය පුද්ගලික ගැටුමක් බවට පත් නොවී, නිසි ක්‍රියාවලියක් තුළ විසදීමේ හැකියාවක් පැවතීම. මේ සියල්ලම හොද පාලනයක් යටතේ දැක්විය හැක.

 

යහපත් පාලනයකට අපගෙන් සිදුවිය යුතු වගකීම ඉටුකිරීම සදහා ChessSL මගින් මෙම ලිපි මාලාව ආරම්භ කිරීමට කටයුතු සිදු කරන ලදී. මෙම ලිපි මාලාව යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමකට පක්ෂව හෝ විරුද්ධව පල කිරීමට නියමිත දෙයක් නොවේ. මෙහි එකම අරමුණ වනුයේ: ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩාව සඳහා අවශ්‍ය “අවම හොඳ පාලන ප්‍රමිතීන්” ගැන සමාජයේ සාකච්ඡාවක් ඇති කිරීම වේ. ඒ ලාංකීය චෙස් ප්‍රජාවගේ අදහස් සහ යෝජනා වන්ගෙන් සමන්විත සමාජ කතිකාවතක්.

 

මෙම ලිපි මාලාවේ ඉදිරි ලිපි, ඊලග සති කිහිපය තුළ පළ කරනු ඇත. ඒ:

ඊළඟ ලිපිය: පාලනය සම්බන්ධ  මූලික කරුණු: පුද්ගල භූමිකා, නීති, වගකීම්. ශ්‍රී ලංකා චෙස් තුළ ගැටලු සහ අවිනිශ්චිතතාව අඩු කරගන්න ඉක්මනින්ම පැහැදිලි කළ යුතු එකම කරුණ ඔබට පේන්නේ කුමක්ද? Google Form (විනාඩි 1): https://forms.gle/UybFoZ9L73HkPF4N9

  1. පාලනය සම්බන්ධ  මූලික කරුණු: පුද්ගල භූමිකා, නීති, වගකීම්
  2. පාරදර්ශීභාවය, මුල්‍ය වගකීම සහ ප්‍රසම්පාදන/මිලදී ගැනීම්
  3. සාධාරණ තේරීම් ක්‍රමය සහ පැමිණිලි සිදු කිරීමේ මාර්ගය
  4. දිගුකාලීන තරඟ ව්‍යූහය සහ දින දර්ශන කළමනාකරණය
  5. දිස්ත්‍රික්ක චෙස් සංවර්ධනය
  6. යොවුන් සංවර්ධනය සහ ජාතික කණ්ඩායම් ක්‍රමය
  7. කාන්තාව සහ චෙස් ක්‍රීඩාව: සහභාගීත්වය, ආරක්ෂාව
  8. පුහුණුකරුවන් සහ චෙස් විනිසුරුවරුවන්  සඳහා වෘත්තීය මාර්ග
  9. තාක්ෂණය සහ ඩිජිටල් පරිවර්තනය
  10. ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩාව සහ ජාත්‍යන්තරය
  11. 2026–2030 සදහා වූ දර්ශනය

 

චෙස් පුවරුවේ සාධාරණභාවය පදනම් වෙන්නේ එහි නීති විධිමත්  හේතුවෙනි. ඒ නීති සියලු දෙනාටම එකම ලෙස යෙදෙන නිසාය. අපගේ චෙස් පද්ධතියත් ඒ ආකාරයෙන්ම පැවතීම වැදගත් වේ. පැහැදිලි ක්‍රියාවලි, කලින් දැනුම් දෙන තීරණ, වගකීම් සහගත මුල්‍ය කළමනාකරණය, සහ ගැටලු විසඳන්න විශ්වාස කළ හැකි මාර්ග. ඒ මූලික පදනම ස්ථාවරව යෙදීමට හැකි වුවහොත්, අපේ දක්ෂතාවය අහම්බයක් නොව, දිගටම, පද්ධතිමය ලෙස ඉහළට යෑමේ හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා චෙස් ප්‍රජා අදහස් (ඊළඟ ලිපිය සඳහා)

ඊළඟ ලිපිය: පාලනය සම්බන්ධ  මූලික කරුණු: පුද්ගල භූමිකා, නීති, වගකීම්

ශ්‍රී ලංකා චෙස් තුළ ගැටලු සහ අවිනිශ්චිතතාව අඩු කරගන්න ඉක්මනින්ම පැහැදිලි කළ යුතු එකම කරුණ ඔබට පේන්නේ කුමක්ද?

Google Form (විනාඩි 1): https://forms.gle/UybFoZ9L73HkPF4N9

ChessSL සටහන: මෙය අධ්‍යාපන ලිපි මාලාවකි. ChessSL කිසිඳු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පක්ෂවීමක් හෝ විරුද්ධවීමක් උදෙසා මෙම ලිපි පෙල ඉදිරිපත් නොකරනු ලබයි. අපගේ අවධානය යොමු කරන්නේ යහපත් පාලන ප්‍රමිතීන් සහ සාධාරණ ක්‍රියාවලි පිළිබඳව පමණි.

You Might Also Like

A Historic Election Awaits in Samarkand: The 2026 FIDE Presidential Race

Southern Province Chooses Its Chess Warriors for the 50th National Great Sports Festival 2026

Central Province Crowns Its Schools Champions at the National Schools Team Selection 2026

The 4th Queenstar Open International Rating Chess Championship 2026 — History in the Making at Gampaha

4th Rahulians International Chess Festival 2026 — Matara Prepares to Host Sri Lanka’s Richest Chess Celebration

Share This Article
Facebook Twitter Email Print
Previous Article National Youth Chess Championships 2025: Girls Categories Showcase Emerging Talent
Next Article When Chess Needs a Referee: The Case for External Oversight
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • A Historic Election Awaits in Samarkand: The 2026 FIDE Presidential Race
  • Southern Province Chooses Its Chess Warriors for the 50th National Great Sports Festival 2026
  • Central Province Crowns Its Schools Champions at the National Schools Team Selection 2026
  • The 4th Queenstar Open International Rating Chess Championship 2026 — History in the Making at Gampaha
  • 4th Rahulians International Chess Festival 2026 — Matara Prepares to Host Sri Lanka’s Richest Chess Celebration

Recent Comments

No comments to show.

Quick Link

  • Home
  • Trainers
  • Chess Calendar
  • Gallery
  • Blog
  • My Bookmarks

Send Us a Message

    ChessSLChessSL
    © 2024 ChessSL Made with ❤️ SMIK Creations
    Welcome Back!

    Sign in to your account

    Lost your password?